Sunday, July 21, 2013

බූරු පොරය | Buru Poraya

සිරා සහ බණ්ඩියා නම් ගමේ ජීවත් වන කොළු ගැටවු දෙන්නෙක් වෙයි. මොවුන් ගම පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ විවිධ වු දඟකාර වැඩ සඳහා ය. දිනක් ගමේ පැවැත් වූ පොර පොල් තරඟයකදී පිල් දෙකේ පොල් මාරු කරවා ගමේ කණ්ඩායම දින වී ය.

ඉන්පසු කලකදී ගමට අහිකුණ්ඨක කණ්ඩායමක් පැමිණේ. අහිකුණ්ඨකයින් ආරච්චි මහත්තයාට අදාල ඉඩමක පැල් අටවා ගනී. මේ බව ආරච්චි මහත්තයට සැල වේ. ඔහු පැමිණ අහිකුණ්ඨකයින්ට බැන වැදුනත් අහිකුණ්ඨකයින් අටවා ගත් පැල් නොගැලෙව්වේය.

මේ අහිකුණ්ඨකයින් ට හිටි මහානර්ඝ වස්තුව වන්නේ ඔවුන්ගේ බූරුවා ය. ඔවුන් සිතන පරිදි මෙම බූරුවා තමන්ගේ ලඟම නෑයෙක් ය. සිරා සහ බණ්ඩියා මෙම බූරුවාගේ පිට වටයක් යාමට ආසාවක් දක්වයි. මේ නිසා බූරුවා පැහැර ගැනීමට ඔවුන් සිතයි.

ඔවුන් දෙපල මෙම ආශාව ඉටු කර ගන්නේ කෙසේ ද ? බූරුවා පැහැර ගැනීමට ඔවුන් යොදන උපක්‍රමය කුමක්ද ?

සරල වින්දනයක් ඔස්සේ ළමා කාළයේ කෙලි කවටකම් නැවතත් මතක් කරගැනීමට කියවන්න බූරු පොරය. මෙය ද යොවුන් නව කතා ගණයට අයත් වේ.

ග්‍රන්ථ නාමය - බූරු පොරය
ලේඛකයා - කුලසේන පොන්සේකා
පිටු -  136ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9175-07-06
ප්‍රකාශකයෝ - සුභා ප්‍රකාශණයකි. 


ඔබ තවමත් මෙම පොත කියවා නැත්නම් කියවා බලන්න.

2 comments:

  1. මේ පොත මම හුඟ කාලෙකට කලින් ඉස්කෝලෙ හතේ අටේ පන්තිවල හිටපු කාලෙ පුස්තකාලෙන් අරන් කියෙව්වා කියල මතකයි.



    ඇයි බං උඹ දැන් අර සුරතල් මසුන් ගැන ලිවීම නවත්තලද. ඒ බ්ලොග් එක කරන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ඒකත් පටන් ගන්න ඕන. තාම කරුණු හොයාගන්න බැරි උනා.
      ලඟදිම ඒකත් පටන් ගන්නවා.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?