Sunday, July 14, 2013

සෝමපුර වීරයෝ | Somapura Weerayo

රුවන් සහ සුනිල් නිවාඩුවකට පොලොන්නරුවේ වෙසෙන අජිත්ගේ නිවසට යයි.මොවුන් අජිත්ගේ නිවසට එකතු වන්නේ සෝමාවතියත් නැරඹීමේ අදහසිනි.  ඔවුන් එන මගදි ගැමියෙකුගෙන් ගමේ ඉස්කෝලයක ගුරුවරයෙකුගේ අතුරුදහන් වීමක් ගැන අසන්නට ලැබී ය.

ඒ ඔස්සේ එම ගුරුවරයාගේ සොහොයුරා සමග සෝමාවතිය බලා පිටත් වේ. සෝමාවතියට යන ගමනේ දී ඔවුන්ට වල් අලි තර්ජන වලට ද මුහුණ පාන්නට සිදුවේ. කෙසේ හෝ ඔවුන් බාධක මැඩගෙන සෝමාවති වනාන්තරය පීරා අතුරුදහන් වූ ගුරුවරයා සෙවීමට වෙහෙසේ.

පසුව ඔවුන්ට නිධන් හොරුන් රැසකට මැදි වූ ගුරුවරයාව දක්නට ලැබේ.
ඔවුන්ට නිදන් හොරුන්ගෙන් ගුරුවරයා බේරා ගැනීමට හැකි වේ ද ? නිදන් හොරුන්ගෙන් ඔවුන්ට විඳින්නට සිදුවන කරදර කුමක් ද ?

කුතුහලයකින් යුතුව කියැවිය හැකි යොවුන් නවකතාවකි, සෝමපුර වීරයෝ. මෙම කෘතිය කුලසේන පොන්සේකාගේ නිර්මාණයකි. තවද මෙම කෘතියට 1989 වසරේදි හොඳම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වී තිබේ.

ග්‍රන්ථ නාමය - සෝමපුර වීරයෝ
ලේඛකයා - කුලසේන පොන්සේකා
පිටු -  151ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-95200-7-5
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.


පහත දැක්වෙන්නේ මෙම පොතෙන් උපුටා ගත් කොටසකි.

"ඔහොම අත්පුඩි ගහන්නෙපා. සත්තු කලබල වේවි." රුවන් අනතුරු ඇඟෙව්වේ ය.

"ඔය කියන තරං සත්තු මේකේ නෑ." අජිත් සිය මිතුරා ගණන් නොගෙන කතා කළේ ය.

"මොනවා ? සත්තු නෑ... ලංකාවේ විශාලම අලි රංචුව ඉන්නේ මේ අවටයි කියලා කීර්ති සර්ගේ ලිපියක තිබුණා."

සරල රසාස්වාදයක් සමග කුතුහලයකින් යුතුව කියැවිය හැකි කෘතියකි.
ඔබත් කියවා රසවිඳින්න. 

5 comments:

  1. Appreciate your effort,,,,,

    ReplyDelete
  2. MEKE PDF EKA HOYAGANNA NEDDA?

    ReplyDelete
  3. තව ටිකක් ලස්සනට ලියමු අපි

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?