Wednesday, July 24, 2013

සුදු හංසයෝ ඉගිළ ගියහ | Sudu Hansayo Igila Giyaha

බුදු හාමුදුරුවන්ගේ කාලයේදිම බුදු උපතත් සමඟ උපන් කුමරුවෙක් වටා මේ කතාව ගෙතී ඇත. බුදු උපන් කල දවසේ කාංචිකා හා ඝෝෂ නම් වූ දුප්පත් මා පිය දෙදෙනා ද දරුවෙක් ලැබී ය.ඔහු වින්ද නම් විය.

මෙම පොත ආරම්භයේ දී වින්ද නම් වූ දුගී කුමරු  විඳින ලෞකික සැපයේ ඇති දුකත් කටුක බවත් ගෞතමයන් විඳින ලෞකික සැපයේ ඇති සතුටත් වෙන වෙනම පාඨකයාට විස්තර කරයි.  එසේම පසුව ගෞතමයන් තමා විඳින ලෞකික සැපයේ ඇති දුක දැක සදාතනික සැපය සොයා ගිහිගෙය හැර යයි.

මේ වන විටත් වින්ද කුමරු තමා කටුක ජීවිතයක් ගත කරයි. පසුව ඔහුට බුදු හාමුදුරුවන් මුන ගැසී දහමට යොමු වී සෝවාන් පලයට පත් වේ.

මෙම පොතෙහි කතුවරයා කීමට උත්සහ කරන්නේ වින්ද කුමරු ගත කල කටුක ජීවිතයත් ගෞතමයන් මාලිගාව තුල ගත කල සුඛෝපභෝගී ජීවිතයත් අතර එතරම් වෙනසක් නොමැති බවය. මේ ජීවිත දෙකටම වඩා හොඳ මාර්ගය බුදු හාමුදුරුවන් පෙන්වා දුන් බව ය.

මෙම පොත භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ පළමු නවකතාවයි. මෙහි පළමු මුද්‍රණය සිදුවී ඇත්තේ 1971 වසරේ දී ය.බෞද්ධ නවකතා ගණයට මෙම කෘතිය අයත් වේ.

ග්‍රන්ථ නාමය - සුදු හංසයෝ ඉගිළ ගියහ
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  151ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-1131-48-7
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.



භද්‍රජි පාඨක ඔබ මෙම කෘතියත් ඉතාමත් ආසාවෙන් කියවනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
දිවයිනේ සියළුම සරසවි පොත් හල් වලින් ද මෙම කෘතිය ලබා ගත හැකි ය.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?