Thursday, July 18, 2013

ගැට කපන පුංචා | Geta Kapana Puncha

පුංචි ස්මිත් ලන්ඩනයේ මුඩුක්කු සහිත වීදියක ජීවත් වූ අයෙකි. එසේම පුංචි ස්මිත් පික් පොකට්කාරයෙකි. ඔහු හා ඔහුගේ අක්කලා දෙදෙනා ජීවත් වූයේ ස්මිත් පික් පොකට් ගැසීමෙන් ලබා ගන්නා මුදල් වලිනි. දිනක් ඔහු වයසක මිනිසෙකුගේ පොකැට්ටුවට විද්දේ ය.

පොකැට්ටුවට විද්ද ස්මිත් ඈතට වී මෙම වයසක මිනිසා දෙස බලා සිටියේ ය. ඔහු දුටුවේ දාමරිකයින් දෙදෙනෙක් විසින් මෙම වයසක මිනිසා අසලට පැමිණ ඔහුව මදා මහමඟ දමා යාමයි. ස්මිත් ද මේ සිඳුවීමෙන් තාමත් කලබලයට පත් වූයේ ය.

ඔහු සිතූ පරිදි මුදල් කිසිවක් එහි නොවීය. එහි වූයේ ලියවිල්ලකි. මේ ලියැවිල්ල කියවීමට ස්මිත් අකුරු නොදන්නේ ය. එසේම තම අක්කලා දෙදෙනා පවා මේ ලියවිල්ල කියවීමට නොදත්තේ ය.

ස්මිත් ට ලැබුණු මේ අභිරහස් ලියවිල්ල කුමක් ද ? දාමරිකයන් විසින් එම වයසක මිනිසාව මරා දැමු වේ ඇයි ?  ස්මිත්ගේ ජීවිතයට මෙම ලියැවිල්ල නිසා හානියක් සිදු වේ ද ?

මේ ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් ගැට කපන පුංචා පොත කියවන්න.

මෙය පරිවර්තන කෘතියකි. ගැට කපන පුංචා නමින් සිංහලයට පරිවර්තනය වූ යේ ලියොන් ගාර්ෆීල්ඩ් විසින් රචිත ස්මිත් නම් කෘතිය වේ.

ග්‍රන්ථ නාමය - ගැට කපන පුංචා
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  268ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-1262-02-6
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



ඉතාමත් සරල බස් වහරකින් යුක්ත වීම හා කුතුහලය නොඅඩුවම කැටිකොටගත් බැවින් පාථක ඔබව මෙම කෘතිය විසින් ඇඳ බැඳ තබා ගනු නිසැක ය.තව ද චන්දන මෙන්ඩිස් රසික ඔබ, අනිවාර්යෙන්ම මෙම කෘතිය කියවා රසවිඳිනු ඇත.

1 comment:

  1. How can i get the ebook of "Geta Kapana Puncha"..? Could you please send me a link to download.? Thank you.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?