Sunday, July 14, 2013

සෙංකොට්ටං | Senkottan

එකල ජීවත් වූ රදා කුලයට අයත් පවුලක් වටා ගෙතෙන දුක්බර කතා පුවතකි.

පොඩිනා නම් වූ රදා කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය.  දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ.

පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය.

මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?

ග්‍රන්ථ නාමය - සෙංකොට්ටං
ලේඛකයා - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
පිටු -  168ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  978-955-098-0-000
ප්‍රකාශකයෝ - සන්ථව ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

"උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.
කුණුහරුප කියවනවා කටේ නොගෑවී .
මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා.
ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "

මොවුන්ගේ ජීවිත වලට කුමක් සිඳු වේද ? බබා හේනයාගේ අනාගතය කෙබඳු වේ ද ?

එක හුස්මටම කියවාගෙන යා හැකි කෘතියක් යැයි කීවොත් මා නිවැරදි ය. තවද මෙම කෘතිය 2013 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ මේ වන විට දෙවන වටයට තේරී පත් වී ඇති කෘතින් දොලස ද නියෝජනය කරයි.

මෙම කෘතිය කියවා රසවිඳින්න

5 comments:

  1. මම හුගක් ආසවෙන් කියවපු පොතක්. ඔබ ඉතාමත් රසවත්ව මෙය රචනා කර තිබෙනවා. තවතවත් නැවුම් නවකතා රචනා කරන්න ඔබට දිරිය ලැබෙවා.

    shalika2605@gmail.com

    ReplyDelete
  2. mmmm harima lassana pothak

    ReplyDelete
  3. එක හුස්මකින් කියවන්න පුළුවන් . ඉතාමත්ම අනර්ඝ පොතක් . එක පාරකට වැඩියෙන් කියවන්න හිතෙන විශිෂ්ඨ කතාවක්

    ReplyDelete
  4. හරිම ආසාවෙන් කියවපු පොතක්.අදටත් ආසම පොත් අතරි එකක්

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?