Monday, August 5, 2013

දොස්තොර කතා | Dosthora Katha

මෙම පොත කෙටි කතා එකතුවක් ලෙස හැඳින්විය හැකි ය. කෙටි කතා කීවාට මෙහි එන සියළුම කතා වලින් අපට ඉගැනුමට පාඩමක් වෙයි. අප එදිනෙදා ජීවිතයේ දි සිදුකරන අත්වැරදීම් සියුම් හාස්‍යයට ලක් කර එයින් යමක් උකහා ගත හැකි ලෙස රචිත කෘතියකි.

තවද මෙහි එන කතා සියල්ලම වෛද්‍ය චන්න සුදත් ජයසුමන විසින් විදුසරට රචනා කරන ලද ලිපි පෙල වේ.

අප එදිනෙදා දකින්නට අහන්නට ලැබෙන විවිධ වූ සිදුවීම් දොස්තර කෙනෙකුගේ ඇසින් හා ඔහුගේ අත්දැකිම් වලින් විස්තර කෙරෙන කතා  සමූහයකි.

මෙම පොත ඉතාම සරල බසකින් ලියා ඇති නිසා එක හුස්මටම කියවා ගෙන යා හැකි ය.  මේ පොත ගැන වැඩි දුරටත් මා කියනවාට වඩා ඔබම කියවා බැලීම සුදුසු බව මගේ අදහසයි.


මෙම පොත සූරිය ප්‍රකාශනයකි.

4 comments:

  1. වෙනද වගේම කියෙව්වා. පුස්තකයෙන් හොයගන්න හැකි වුනොත් හොඳා...

    ReplyDelete
    Replies
    1. අළුත් පොතක් නිසා පුස්තකාලයේ තියේවිද කියලා නම් කියන්න අමාරුයි.

      Delete
  2. වෙනද වගේ පොත ගැන අනෙක් විස්තර නොදා ප්‍රකාශකයගෙ නම විතරක් දැම්මෙ ඇයි? කොහොම උනත් මේ කතා නම් මම කියවලා නෑ.

    මම විදුසර ගත්ත කාලෙ නම් මේ වගේ කොලම් එකක් තිබුනෙ නෑ, මෑත කාලෙ පළවුනු කතා ටිකක්ද යාළුවා.

    //මේ පොත ගැන වැඩි දුරටත් මා කියනවාට වඩා ඔබම කියවා බැලීම සුදුසු බව මගේ අත්දැකීමයි.//

    මේ වාක්‍යය නිකන් අවුල් වගේ නැත්ද බං. මගේ අත්දැකීමයි කිව්වට වඩා හොඳයි නේද මගේ අදහසයි, මගේ විශ්වාසයයි, මගේ වැටහීමයි වගේ දැම්මනම්. නැත්නම් මුල වෙනස් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒ විස්තර ටික පස්සේ තමා දාන්න වෙන්නේ.
      කොල්ලෙකුන් පොත රගෙන ගිහින් තාම ගෙනත් දුන්නේ නෑ.

      මෑත කාලයේ ඒවා තමා. අපි පොඩි කාලේ කියවපු කතා නෙමේ.
      ඔන්න වැරැද්ද හැදුවා. වැරැද්ද පෙන්නලා දුන්නට ස්තුතියි. :)

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?