Saturday, August 17, 2013

ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය | Sinharaja Vikramaya

පාසල් නිවාඩුවට සංඛ බද්දේගම තම මාමාගේ නිවසට යයි. එහිදි ඔහුට මාමාගේ දියණිය අජන්තාත් පුතා වන වජිරත් සමඟ කෙලි දෙලෙන් ගත කරයි. ඔවුන් බැද්දේගම මාමා සතු කුඩා හෙලිකොප්ටරයෙන් අහසින් ගමන් කරයි. එහිදි ඔවුන්ට සිංහරාජ වනය දැකගත හැකි වේ.

මෙම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අසේල ය. ඔහු සංඛ හා වජිර කැටුව  ගමන් කල දිනක ඔවුන්ට කැකුලි හා මුකුලී නම් නිවුන් සොහොයුරියන් දැක ගත හැකි විය.දිනක් ඔහු වජිර හා සංඛ කැටුව අහසින් ගමන් කරන විට හෙලිකොප්ටරයේ යාන්ත්‍රික දෝශයකැයි කියා වනය මැද පිහිටි හිස් භූමියකට ගොඩබස්වයි.

දෙමිතුරන් උදව් සොයා වනය පීරති. අවසානයේ නිශ්ඵල ගමනකින් පසුව හෙලිකොප්ටරය තිබූ තැනට පැමිණේ. ඔවුන් පැමිණෙන විට යානයේ නියමු අසේල එහි නොවීය.

අසේලට සිදුවූයේ කුමක් ද ? දෙමිතුරන් කැලයෙන් එලියට එන්නේ කෙසේ ද ? කතාවේ ඉතිරි ය කුමක් වේද ?

භද්‍රජි මහින්ද ජයතිලකයන් යොවුන් පරපුර ඉලක්ක කර රචනා කල කෘතියකි, ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය. සරල බස් වහරකින් ලියැවී ඇති නිසා කිසිදු අපහසුවකින් තොරව පාඨකයා කෘතිය තුළ ඇද බැද තබා ගන්නවා යැයි මා කීවොත් නිවැරදි ය.

ග්‍රන්ථ නාමය - ගජමුතු නොහොත් සිංහරාජ වික්‍රමය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  314ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5532-22-2
ප්‍රකාශකයෝ - ආරිය ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් කොටසකි.

ගජමුතු ?
ඔවු අක්කා ගජමුතු
ගජමුතු කියන්නේ ඇත් දළ වල තියෙන මුතුවලට නේද ?
කොහෙද - ඇත් දළ තියෙන්නේ ?
ඇත් දළ තියෙන්නේ ඇත් සොහොනේ
ඇත් සොහොන කොහෙද තියෙන්නේ ?
ඇත් සොහොන තියෙන්නේ මිමන යායෙන් ගිණිකොන දිසාවට ලූ.
කැලේ මැදින් යන්න ඕන ලු
එහෙනං ඇත් සොහොනේ ඩයිනෝසර්ලගේ ඇට කටු තියෙන්නත් බැරි නැහැ ?
ඊලඟ සැරේ හෙලිකොප්ටරෙන් යමු.

මෙම පොත වරකාපොල ආරිය ප්‍රකාශකයින්ගෙන් හා සරසවි පොත්හල් වලින් ලබා ගත හැක.

පසුව ලියමි - ආරිය ප්‍රකාශකයෝ
වරකාපොල    දුර: 035 226 77 69
කොළඹ 10     දුර: 011 474 02 79

2 comments:

  1. මම මේ පොත කියවලා තියෙනවා. ඇත්තටම ගොඩාක් හොඳ පොතක්. දැන් කියවලා ටිකක් කල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාව නම් ලස්සනයි. ඒත් කට්ය්හාවේ පොඩි අස්වාබාවික ගතියක් දැනෙනවා.
      අර මන්තරයකින් ගුහාවක් ඇතුලට ගිහින් වැටෙන සීන් එක, එතකොට සංඛගේ තාත්තව ගුහාවට අත්භූත ලෙස ගුහාවට වැටෙන සීන් එකේදි එහෙම අස්වාබාවික ගතියක් දැනෙනවා :)

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?