Wednesday, August 14, 2013

හත්පෙති මල | Hathpethi Mala

හත්පෙති මල කියන්නේ අපි පුංචිම දවස්වල ආසාවෙන් කියවපු පොතක්. මේ පොතේ එන කතාව රුසියානු සුරංගනා කතාවක්. රුසියානු කතාවක් උනාට අපේම කතාවක් වගේ එක ලෙසම රසවිඳින්න පුලුවන්.

මෙම පොතේ එන කතා නායිකාව වෙන්නේ ශේන්යා කියන පොඩි ගෑනු ළමයෙක්.  තව දෙයක් තමා මේ පොතේ එන කතාව ඉතාමත් පුංචි නිසා කතා සාරාංශය ලියන්න නම් යන්නේ නෑ. එහෙම ලියපු සාරාංශයක් කියවලා පොත කියවන එකේ තේරුමකුත් නෑ. පුලුවන් අය ඉන්නවා නම් පොත හොයාගෙන කියවන්න.

එහෙම හොයාගන්න බැරිම කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

මෙම පොත පරිවර්තනය කරලා තියෙන්නේ අපි කවුරුත් අදුනන දැදිගම වී. රුද්‍රිගු මහතායි.


මේ පොත ඕනෑම සරසවි පොත් හලකින් උනත් ලබා ගන්න පුලුවන්.

2 comments:

  1. ඉස්සර සෝවියට් සමූහාණ්ඩුව තිබුණු කාලෙ ඔය වගේ ළමා කතන්දර පොත් හරියට තිබුනා. මතක හැටියට ඔක්කොම වගේ රාදුගා ප්‍රකාශකයොන්ගෙ. අපි පොඩි කාලෙ තාත්තා ගෙනත් දීල ඔය වගේ ළමා කතා පොත් හුඟක් තිබුනා, අපි හතර දෙනෙක්ම හිටපු නිසා රූප නැවත පාට කරල, රූප කපල ඒව ඔක්කොම විනාශ කරල.


    මෙතනත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ශා.. ඕක නම් මරු ලින්ක් එක.
      පොතේ අඩු තැනුත් තියෙනවා.,, කියන්නත් ලැජ්ජයි මම මේ පොත කියෙව්වේ රස්සාවට ආවටත් පස්සේ. එතකන් මෙහෙම පොතක් දැනන් උන්නේ නෑ.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?