Friday, August 16, 2013

තැප්පා සේම ගිනි | Theppa Sema Gini

තිස්ස ඉඳුරුවේ පිහිටි තම පියාගේ මහ ගෙදරට යන්නේ බෝධිපාල ලොකු තාත්තාගෙන් පසුව තම පියාට හිමි වන ඉඩ කඩම් බලා කියා ගැනීමට ය.ඉඳුරුවේ මහගෙදර ජීවත් වන කාලයේදි ඔහුගේ ලොකු තාත්තාගේ ජීවිතය ගැන හාරා ඇවිස්සිමේ ආසාවක් තිස්සට ඇති විය.මේ පිලිබඳ සුමනාවති නැන්දාගෙන් ඇසුවත් ඈ ඒ අතීතය හෙලි කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වුවාය.

සමහර දිනවල ඔහු සිය ලොකු තාත්තාගේ පොත් රාක්ක අවුස්සමින් එහි ඇති පොත් කියැවීමට රුචිකත්වයක් දැක්වුවේය. පසුව ඔහුට සිය ලොකු තාත්තාගේ ජීවිත කතාව දැන ගැනීමට හැකි විය.

එතැන් පටන් බෝධිපාල ලොකු තාත්තාගේ ජීවිත කතාව නවකතාවක් මෙන් දිග හැරේ.

ඉහතින් දක්වා ඇත්තේ මෙම පොතෙහි එන කතාවෙන් ඉතාම කුඩා කොටසක සාරාංශයකි.බෝධිපාල ලොකු තාත්තාගේ ජීවිතය කෙබඳු එකක්දැයි දැන ගැන්මට තැප්පා සේම ගිනි පොත කියවන්න.

මෙම පොත ඔබ කවුරුත් දන්නා ස්වයංජාත පොත රචනා කල සමරවීර විජයසිංහයන්ම වේ.

ග්‍රන්ථ නාමය - තැප්පා සේම ගිනි
ලේඛකයා - සමරවීර විජයසිංහ
පිටු -  342ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6561-51-4
ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණයකි.




මෙම පොත 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයේ පොත් පහට තේරී ඇත. ඔබ දැනටමත් මෙම පොත කියවා නැත්නම් මේ කියැවීමට සුදුසුම කාලයයි.

මෙම පොතේ මාක්ස්වාදය සමාජවාදය යම්තාක් දුරට සාකච්ඡා කෙරෙන නිසා එම මතෘකා වලට ඔබ අකමැති නම් කතාව නීරස ගතියක් දැනේවි යැයි මගේ හැඟීමයි. එහෙත් සමස්ථ කතාව රසවත් ය.

2 comments:

  1. මම හුඟක් දුරට කියවන්නෙත් මිලදී ගන්නෙත් පරිවර්තන පොත්. ඒ නිසා මේ වගේ පොත් මගහැරෙනවා. ස්වයංජාත ටෙලිනාට්‍යය නම් බැලුවා, ඒක හුඟක් හොඳ කතාවක් කියල මට හිතුනෙ, මේ පොතත් මම කියවල නෑ බං, මීට පස්සෙ පොත් ගන්නකොට පරිවර්තන ටිකක් අඩු කරල මේ වගේ පොත් ටිකකුත් ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්වයංජාත නාට්ටියට වඩා පොත හොඳයි.
      පුලුවන් වෙලවක් ලැබුනොත් පොත කියවලා බලන්න. පරිවර්තන වලට තමා මාත් ආස.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?