Friday, August 9, 2013

ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව | Allen Quartermain

ඇලන් ක්වාටමන් හා ඔහුගේ මිතුරන් එකතුවී අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ සුදු හම ඇති ජාතීන් ජීවත් වන රටක් සොයා වීර චාරිකාවක් දියත්කරයි.එම ගමනට සුලුලන්තයේ ගෝත්‍රික නායකයෙකු වන අම්ස්ලොපොගාස් ද එකතු වේ.

මොවුන් ටානා ගඟ දිගේ ඉහලට යාත්‍රා කරමින් ගමන අරඹයි.

ගඟ දිගේ ඉහලට යන ගමනෙදි ඔවුන්ට ම්ලේඡ්ච මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරයකටද ගොදුරු වීමට සිදුවේ. කෙසේ හෝ මසායින්ගෙන් දිවි බේරා ගන්නා ඔවූහු නැවතත් ගඟ දිගේ ඉහලට ගමන අරඹයි. ඉන්පසු ප්වුන් අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ ඇති එකම මිසනාරි නිවස වන හයිලන්ඩ්ස් දේවස්ථානයට පැමිණේ.

හයිලන්ස්ඩ් දේවස්ථානයේ නවාතැන් ගන්නා ඔවුන්ට තවත් අත්දැකීමකට මුහුණ දිමට සිදුවේ. එනම්, මිෂනාරිවරයාගේ දුව වන ෆ්ලොසීව මසායිවරුන් විසින් පැහැර ගැනීමයි. මසායිවරුන් හා ක්වාටමේන්ගේ සගයන් අතර අති බිහිසුනු සටනක් ඇති වේ.

ඔවුන්ට කුඩා ෆ්ලොසීව බේරා ගැනීමට හැකි වේද ? කතාවේ ඉතුරු ටික කුමක් වේද ?

මේ ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව කියවන්න. කුතුහලය නොඅඩුවම එක ලෙස කියවිය හැකි පරිවර්තනයකි. මෙම පොත සුප්‍රසිද්ධ ලේඛක හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචනා කර ඇති අතර චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයකි.

 ග්‍රන්ථ නාමය - ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව
ලේඛකයා - හෙන්රි රයිඩර් හැගාර්ඩ් / චන්දන මෙන්ඩිස්
පිටු -  280ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9682-80-6
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.


දිවයිනේ සියළුම සරසවි පොත් හල් වලින් මෙම පොත ලබාගත හැක.

4 comments:

  1. මේක නම් සුපිරිම කතාවක්. මං මේ මෑතකදිත් විපරම් කරා මේ පොත ගැන. නමුත් කතුවරයින් කිහිප දෙනෙක් මේක පරිවර්තනය කරල තියෙනවා. ආරියනන්ද දොඹගහවත්තගෙ පොත වෙන්න ඕන මම කියෙව්වේ මෑතදි

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියන්න දන්නේ නෑ.
      ආරියරත්න දොඹගහවත්තගේ "පොලොව යටට බිහිසුනු ගමනක්" පොත විතරයි මම කියවලා තියෙන්නේ. :)

      Delete
  2. //ලේඛකයා - එඩ්ගර් රයිස් බරෝස් / චන්දන මෙන්ඩිස්//

    එඩ්ගර් රයිස් බරෝස් ටාර්සන් සීරීස් එකේ ලේඛකයා නේද. මේ පොත එච්. රයිඩර් හැගාර්ඩ්ගෙ නේද. කොහොම උනත් ඔවුන් දෙදෙනාම අද්භූත ලෝකයන් මවාපාන්න අති දක්‍ෂයො.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?