Sunday, August 11, 2013

කන්දේ වීදිය | Kande Veediya

කන්දේ වීදිය පොත ගැන මා කියනාට වඩා එහි කතෘ වන කපිල කුමාර කාලිංගයන්ගේ වචන වලින්ම අසා දැන ගනිමු. පහත දැක්වෙන්නේ එහි පසු පස කවරයේ සඳහන් සටහනින් උපුටා ගත් කොටසකි.

මෙය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් වෘතාන්තයකි.තවත් කෝණයකින් එය චරිතාපදානයක් ද වෙයි. පාරම්පරික සිංහල වෙද මහතකු මෙන්ම වැවිලිකාරයෙකුද වන පුද්ගලයෙකුගේ නීතීඥ පුත්‍රයා වටා මේ ප්‍රබන්ධය ලියැවෙයි.

කිසියම් චරිතයක් වටා ගොඩනැගිය හැකි අනන්ත අපරිමාන සිදුවීම් සමුදාය තුළින්, වඩා නාටකීය හා අපූර්ව දෑ පමණක් තෝරාගන්නා කතුවරයා අවසානයේ පාඨකයාගේ ජීවිත පරිඥාණය පුළුල් කරන්නට සමත් වෙයි.

උපුටා ගැනීම අවසන්.

මෙම පොතෙහි එන කතා පුවත, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටි වෙද මහත්මයෙක් වන කොර්නේලියස් ගේ පුත් ලොයිඩ් වටා ගෙතී ඇත. ලොයිඩ් වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහුගේ උපතේ සිට සිය මරණය දක්වා මෙම කතා පුවත ගලායන බව මා කීවාට වරදක් නැත.

මෙම පොත මේ වන විට 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ දෙවන වටයට නිර්දේශිත පොත් දොලසට ඇතුලත්ව ඇත. ඔබ දැනටමත් මේ පොත කියවා නොමැති නම් අද හෙටම කියවා රසවිඳින්න.

ග්‍රන්ථ නාමය - කන්දේ වීදිය
ලේඛකයා - කපිල කුමාර කාලිංග
පිටු -  256ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8933-78-7
ප්‍රකාශකයෝ - කිංකිණි ප්‍රකාශණයකි.


මෙම පොත දිවයිනේ සියළුම සරසවි පොත් හල් වලින් හා අංක 469, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටියේ පිහිටි කිංකිණි ප්‍රකාශකයන්ගෙන් ද ලබා ගත හැක.

2 comments:

  1. මේ පොත නම් මට තවම කියවන්න ලැබිලා නෑ. සියවසකට දෙකකට එපිට සිංහල ගමක් කියන්නෙ අද අපිට හිතින් විඳින්න පුළුවන් අපූර්ව අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ඔවු. ඒ උනාට මේ පොතේ එච්චර ගැමි දේවල් ගැන කියවෙන්නේ නෑ.
      උඩරට රදල පැලැන්තියේ කට්ටියක් ගැන කියවෙන්නේ. එතනිනුත් ලොයිඩ්ගේ උපතේ ඉදලා කතාව දිග ඇරෙන්නේ. ඒ නිසා වැඩිය ඒ දේවල් නම් නෑ.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?