Sunday, August 11, 2013

සැමීගේ කතාව | Sam's Story

සැමී කියන්නේ පිටිසර ගමක ජීවත් වෙච්ච කොල්ලෙක්. එයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනෙක් ඉන්නවා. අම්මා රබර් කිරි කපලා ලැබෙන සොච්චමෙන් තමයි මේගොල්ලෝ ජීවත් උනේ. සැමීලාගේ තාත්තා එයාලව දාලා ගිහින්.

සැමීලගේ අම්මා උපයන සොච්චම එයාලට ජීවත් වෙන්න මදී.මේ ගොල්ලෝ වේලක් ඇර වේලක් කාලා තමයි ජීවත් උනේ.  ගේ ලගින් ගලන ගඟේ ඉවුරේ හැදෙන ගොටුකොල කන්කුන් වලින් තමයි ගොඩක් වේලාවට මේ ගොල්ලන්ගේ කෑම වේල හැදුනේ.

සැමිට හිටපු හොඳම යාළුවා තමයි පියා.පියා කිව්වේ පියදාස. සැමීගේ හොඳම යාළුවායි එයාගේ තාත්තයි ගංවතුරට ගහගෙන යනවා.ඔන්න ඔහොමයි සැමීගේ යාළුවාව සැමීට නැති උනේ.

ඊලඟට සැමී ගඟලඟ ගෙදර වැඩට යනවා.

එතනින් එහාට කතාව දැනගැනීම ඔබට බාරයි. මා ඉහතින් සඳහන් කලේ සැමීගේ කතාව නම් වූ කපිතාන් එල්මෝ ජයවර්ධනයන් විසින් රචිත Sam's Story නම් වූ කතාවේ සාරංශයයි. මෙම කෘතිය ඉංග්‍රිසියෙන් රචිත කෘතියකි. එහි පරිවර්තකයා වන්නේ සිසිල් රුද්‍රිගු මහතාය.

තවද මෙම කෘතිය ජනප්‍රිය වන්නේ සැමීට රඟපෑ ජගත් චමිලයන් නිව්යෝක් සිටි සිනමා සම්මාන උළෙලෙදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගැනීමයි.

සැමී නම් වූ මෙම කතාවේ ප්‍රධාන චරිතය තමාගේ සිතට දැනෙන දුක සතුට සියුම්ව විග්‍රහ කරයි. එලෙසම සමාජයේ පවතින අඩුලුහුඩුකාම් සියුම්ව හාස්‍යයට ලක් කිරීමද සිදු කරයි.මෙහි භාෂා හැසිරවීම සරලය. මා කතා සාරාංශය ලියා ඇති රීතියට බෙහෙවින්ම නෑකම් කියයි.

ඔබත් මෙම කෘතිය කියවා නොමැති නම් කියවා රසවිඳීන්න.

ග්‍රන්ථ නාමය - සැමීගේ කතාව
ලේඛකයා - එල්මෝ ජයවර්ධන/ සිසිල් රුද්‍රිගු
පිටු -  170ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-2112-60-5
ප්‍රකාශකයෝ - ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් කොටසකි.

මම ලොකු මහත්තයා - සැමී පොඩි මහත්තයා....
අත් විහිදා වටේටම කැරකැවෙමින්ආයිත් මහත්තයා හිනාවෙවීම කිව්වා.ආයිත් මමත් එයා එක්කම හිනා වුනා...

දිවයිනේ සෑම ගුණසේන පොත්හලකින්ම මෙම පොත ලබා ගත හැක.

4 comments:

  1. හුඟ කාලෙකට කලින් අපේ පුස්තකාලෙන් අරන් කියෙව්වා. ඒ කාලෙ නම් ෆිල්ම් එකක් කරන්න හිතලවත් නැතුව ඇති. පොතේ කවරයෙත් තිබ්බෙ නිකන් අතින් ඇඳපු කාටුන් එකක් වගේ චිත්‍රයක්ද කොහෙද.

    එල්මෝ ජයවර්ධන මහත්මයගෙ කුළුඳුල් කෘතිය උන මේ පොත 2001 වසරේදි ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ විශිෂ්ඨතම සාහිත්‍ය කෘතිය ලෙස ෂේක්ස්පියර් සම්මානයෙන් පිදුම් ලැබුවා කියල පොතේම සඳහන් වෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔවු.. මේ පොත ගොඩක්ම පරණ පොතක්. ආයෙම ප්‍රසිද්ධ උනේ ජගත් චමිල සම්මාන ගත්ත එකෙන්. මමත් මේ ලඟදි තමයි පොත කියවන්න ගත්තේ. ඊට කලින් නම් කියවන්න ලැබිලා නෑ. :)

      Delete
    2. //ඊට කලින් නම් කියවන්න ලැබිලා නෑ.//

      මොකක්ද බං ඒකෙ තේරුම. හුඟ කාලෙකට කලින් කියල මම කිව්වෙ මම ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පොත් කියෙව්වෙ මහජන පුස්තකාල දෙකකින් අරන්. දැන් නම් හුඟක් දුරට මම කියවන්නෙ මම සල්ලි දීල ගතිපුව, ඒ නිසා ඒ පොත් මා ළඟ තියෙනවා, අවශ්‍ය වෙලාවට නැවත පෙරලල බලනවා, කලින් කියවපුව මතකයන් විතරයි.

      Delete
    3. ඊට කලින් කිව්වේ ජගත් චමිල සම්මාන අරන් ප්‍රසිද්ධ වෙන්ඩ කලින් කියවලා නෑ කියලා කිව්වේ. මේ පොත ගොඩ කාලෙකට කලින් නේ ප්‍රින්ට් කරලා තියෙන්නේ.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?