Wednesday, August 7, 2013

රන්වැල්ලේ අන්දරය | Ranwelle Andaraya

වල් අලි ප්‍රහාරය නිසා කැදලිගම රක්ෂිතයේදි තනිවූ බොබී හා තිලකා තම ආසාවන් සිතැඟි ලෙස ඉටු කරගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොබී නිසා තිලකා ගැබ් ගත්තාය. මේ වන විට බොබී සිය මවු රට වූ ඇමරිකාවට ගොසිනි. ඈ කෙතරම් වෙහෙස වී බොබීව සෙව්වද ඔහුව හමු වූයේ නැත.

කලක් ගතවූ පසු ඈ නිලූක නම් වූ පුතෙකු බිහි කලාය. තම පුතු නිලුකවද කැටුව බොබීව සෙවීම සඳහා කොළඹ ගියාය. එහිදී ඈට චිත්‍රපටි කණ්ඩායමේ සිටි චන්ද්‍රිකාගේ උදවු ලැබිනි. චන්ද්‍රිකාගි උදව්වෙන් ඈ පිටරට රස්සාවකට ගියා ය. ඈ කලකට පසුව සිය මවු රටට එනවිට තම පුතු නිලූක හා චන්දිකා ආගිය අතක් නොවීය.

තම පුතු නැති සොවින් හා බොබීව සෙවීමේ අසාර්ථක ප්‍රයත්නය හේතුකොටගෙන කලකිරීමට පත් වූ තිලකා, පෙරලා තම ගමට පැමිණියා ය. මේ අල්ල පනල්ලේ සුමන නම් වූ තරුණයෙක් තිලකාව විවහා කරගැනීමට කැමැති විය. ඔවුන් විවහා වූ පසුව තිලකා, ප්‍රියංගා නම් වූ දුවක වැදුවාය.

සුමනත් තිලකාත් ඔවුන් දෙදෙනාගේ දුව වූ ප්‍රියංගාත්  සුමන පවත්වාගෙන හෝටලයේ ජීවත් වූහ. ඉන්පසුව ඔවුන්ගේ ජීවිත වලට සිදු වන්නේ කුමක් ද ?

මෙම පොත භද්‍රජි මහින්ද ජයතිලකයන් රචිත අන්දර ත්‍රිත්වයේ දෙවැන්න වේ. මෙහි පලමුවැන්න කතලුගල අන්දරය පොත ගැන ලිපිය මෙතනින් කියවන්න.

ග්‍රන්ථ නාමය - රන්වැල්ලේ අන්දරය
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  254ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8733-41-5
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.


ඔබත් මෙම පොත කියවා නොමැති නම් කියවා රසවිඳින්න.

2 comments:

  1. උඹ දවසට දෙක ගානෙ දානවද බං. :)

    භද්‍රජිගෙ කතා නම් ආයෙ අහන්න දෙයක් නෑ, මිනිහ ඇට්ටි හැලෙන්න ලියනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. එක ගානේ ලියන්නේ.
      මා ගාව තියෙන පොත් සෙට් එක ඉවර කරගන්න ඕන නිසයි දවසට එක ගානේ වගේ ලියන්නේ. ඒ ටික ඉවර කරලම මාළු බ්ලොග් එක ලියන්න ඉන්නෙ. එතකොට දෙකම ඇදගෙන ගියෑකි නෙ. :)

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?