Thursday, September 5, 2013

දඩයක්කාරයාගේ කතාව | Dadayakkarayage Kathawa

දඩයක්කාරයාට ගමේ මිනිසුන් සැලකුවේ පස් පවින් කරවටක් ගිලී සිටින අයෙකු ලෙස ය. නමුත් ඔහු අනෙක් මිනිසුන් මෙන් නොව සුරා සූදුවෙන් තොර ය. මුසවාදයෙන් ද තොර ය.  ඔහු කරන එකම වරද නම් සතුන් මැරීම ය. ඔහු සතුන් මැරුවද එහි සැලකිය යුතු තරම් මස් වලදන්නේ ගමේ මිනිස්සුන් ය.

මෙලෙස කලක් ගත වන විට දඩයක්කාරයාට ගෝමරීගෙන් පණිවිඩයක් ලැබේ. ඒ ඇයගේ හේනට ගොඩ වදින ගෝනෙකු එලවා දැමීම සඳහා ය.ගෝනාට අටවන ලද තුවක්කුව පත්තු වී ගෝමරීගේ මිනිහාත් ගෝමරීත් මිය යයි. පසුව මේ දෙදෙනාගේ පුතා වන පොඩිකන්දය පැලේ තනිවේ. මේ අල්ලපනල්ලේ පොඩිකන්දයා රංකිරී නම් වූ කෙල්ලක තම අඹුවට ගෙන තම පැලේ ජීවත් වෙයි.

පසුව දඩයක්කාරයා, ගෝමරීගේ පුතාට දඩයම් කිරීම උගන්වයි. පොඩිකන්දයා ද දඩයක්කාරයා මෙන්ම ශූර දඩයක්කාරයෙකු බවට පත් වේ.

මේ ඔවුන්ගේ කතාව ය. ඉතිරිය කියැවා බැලීම ඔබට බාරයි.

සයිමන් නවගත්තේගම පාඨක ඔබ මෙම කතාව ඉතාමත් ආශාවෙන් කියවා බලනු ඇතැයි මා සිතමි. මෙහි මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැබුරින් කියවා බලන්නේ නම් ඉතාමත් වටින බව මගේ සිතුවිල්ලයි.

 ග්‍රන්ථ නාමය - දඩයක්කාරයාගේ කතාව
ලේඛකයා -  සයිමන් නවගත්තේගම.
පිටු -  158ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6770-53-7
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිශින්  ප්‍රකාශණයකි.




මෙම පොත ඔබ කියවා නැත්නම් කියවා බලන්න.
ඕනෑම සරසවි පොත් හලකින් වුවද මෙම පොත ලබා ගත හැක.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?