Tuesday, September 17, 2013

දිගාමඩුලු ගුරු ගීතය | Digamadulu Guru Geethaya

එක්තරා තරුණයෙකු තම මාමණ්ඩියගේ ගුවන් විදුලි යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා නාවලපිටියේ මමීලෑ ගෙදර යයි. එහිදි ඇතිවූ කතා බහකදී ඔහු කෙරෙහි ගුරු වෘත්තිය කෙරෙහි ආසාවක් හට ගනී. දවද ඒ කාලයේදි රටේ විවිධ පලාත්වල පුද්ගලිකව පවත්වාගෙන යන පාසල් රජයට පවරාගෙන එහි ගුරුවරු රජයේ ගුරු සේවයට අනුයුක්ත කිරීමේ වැඩ පිලිවෙලක් විය.

මේ නිසා ඉහත කී තරුණයාගේ සිතෙහිද පාසලක් පවත්වාගෙන යාමට සිතුවිල්ලක් ඇති විය. මේ සිතුවිල්ල ඔහු තම දෙමව්පියන්ට පැවසූවද පියා දැඩි ලෙස විරුද්ධ විය. නමුත් මෙම තරුණයාගේ මව මීට කැමැත්තක් දැක්වීම නිස ඔහු  ජයමාලපුර ප්‍රදේශයේ පන්සලක පොඩිවට පාසලක් පටන් ගනී.

ඔහු පාසල පවත්වාගෙන ටික කලක් යනවිට රජයට පවරා ගැනීම සඳහා ඉල්ලුම් කළේ ය. පාසල රජයට පවරා ගැනීමට නම් වෙනම ඉඩමක වූ ගොඩනැගිල්ලක පාසල පවත්වාගෙන යා යුතු බව රජයේ නිවේදනයේ සඳහන් විය. මේ නිසා මෙම තරුණයා මහත් අසීරුතාවයකට පත් විය. නමුත් ඔහු මෙම වෑයම අත්හලේ නැත.

ඔහු ප්‍රදේශයේ ධනවතුන් සොයා ගියේ ය. ඒ පාසලට ඉඩමක් පරිත්‍යාග කිරීමට හැකි දැයි දැනගැනීම සඳහාය. ඔහු මෙසේ ධනවතුන් කිහිපදෙනෙකු සොයා ගිය ගමනේදි අක්කරයක පමණ ඉඩමක් පරිත්‍යාග කිරීමට කැමති ධනවතෙකු කැමැත්ත දැක්වී ය.

මෙයින් උද්දාමයට පත් වූ තරුණයා, ගමේ මිනිසුන් සමග එකතු වී පාසල සඳහා ගොඩනැගිල්ලක්  තනා එහි පාසල පවත්වාගෙන ගියේ ය.

 මේ තරුණයා වෙනකෙකු නොව මෙම පොතෙහි කතෘ ගුණශීල අඹවත්තයන් වේ. ඉහත සැකවින් දක්වා ඇත්තේ දිගාමඩුලු ගුරු ගීතය පොතෙහි මුල් පරිඡේදය තුල සඳහන් කතාව වේ.

ඉන්පසු කතාවේ සිදු වන්නේ කුමක්ද ? කියවන්න අපේම ගුරු ගීතය ! 

දිගාමඩුලු ගුරු ගීතය හුදෙක් නවකතාවක්ම නොවේ. මෙය අඹවත්තයන්ගේ ස්වයං චරිතාපදානයක් ද වෙයි. එසේම සැබෑ ගුරුවරයෙකුගේ අත්දැකීම් ඇතුලත් මාහැඟි කෘතියකි.

සෑම ගුරුවරයෙකුම කියැවිය යුතු කෘතියක් ලෙස මා මෙම පොත හඳුන්වා දීමට කැමති ය.

ග්‍රන්ථ නාමය - දිගාමඩුලු ගුරු ගීතය
ලේඛකයා -  ගුණශීල අඹවත්ත
පිටු -  247ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5280-60-6
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.

 
මෙම පොත ගුණසේන, සරසවි පොත් හල් වලින් ලබා ගත හැකි ය. පොත සොයා ගැනීමට අපහසු නම් පහත අංකයෙන් ගුණශීල අඹවත්තයන් අමතන්න.
ගුණශීල අඹවත්ත -  071 80 16 632

පසුව ලියමි - දිගාමඩුලු ගුරු ගීතය පිළිබඳ දයා දිසානායකයන් ලියූ විචාරය කියවන්න මෙතන ක්ලික් කරන්න. 

1 comment:

  1. මේ තොරතුර පල කලාට බොහොම ස්තුතියි. ලොකු උදව්වක් වුනා.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?