Tuesday, September 10, 2013

සඳුන් සුවඳ | Sandun Suwanda

සඳුන්ගේ අම්මා, සඳුන්වයි එයාගේ තාත්තවයි තනිකරලා මේ ලෝකේ හැර යන්නේ සඳුන්ට අවුරුදු 4ක් විතර පුංචි අවදියේයි. ඒ කාලේ ඉදන්ම සඳුන්ව බලා කියාගන්නේ සඳුන්ගේ ආච්චි අම්මා. ආච්චි අම්මා වයස නිසා එයාට ඒ හැටි වැඩක් පලක් කරන්න අමාරුයි.

සඳුන්ගේ අම්මා නැති වෙලා අවුරුද්දේ දානේ දීලා සතියකට විතර පස්සේ සඳුන්ගේ තාත්තා පුංචි අම්මා කෙනෙක්ව ගෙදර ගේනවා. මුලදි මුලදි මේ පුංචි අම්මා සඳුන්ට ආදරෙන් හිටියත් පහු පහු වෙනකොට මේ ආදරේ ටික ටික අඩු වෙනවා.

පුංචි අම්මා සඳුන්ට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. සඳුන්ට කියලා ගෙදර දොරේ වැඩපල කරගන්නවා. මේ වෙනස්කම් කිරිල්ල ගොඩක්ම වැඩි උනේ පුංචි අම්මට පුතෙක් උපන්නට පස්සේ. පුතාගේ වැඩත් මේ සඳුන්ට කරන්න සිද්ධ වෙච්ච නිසා සඳුන්ගේ ඉස්කෝලේ ගමනත් කඩා කප්පල් වෙනවා.

මුලදි මුලදි බැනුම් වලින් නැවතුන පුංචි අම්මා, පස්සේ පස්සේ සඳුන්ට දඩුවම් කරන්නත් පටන් ගන්නවා. මේ නිසාම සඳුන්ට ගෙදර ඉදිල්ලත් එපා වෙනවා. දිනක් උදෑසනම සඳුන් ගෙදරින් පිට වෙලා කෝච්චියෙන් කොළඹ එනවා.

ඉන්පසු සිදු වන්නේ කුමක්ද ? කියවන්න සඳුන් සුවඳ !

පාසල් යන වයසේ ළමුන්ට ආදර්ශයක් ගත හැකි ළමා නවකතාවකි, සඳුන් සුවඳ.

ග්‍රන්ථ නාමය - සඳුන් සුවඳ
ලේඛකයා -  යසවර්ධන රුද්‍රිගු
පිටු -  187ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-2014-41-7
ප්‍රකාශකයෝ - ඇස්. ගොඩගේ සන සහෝදරයෝ  ප්‍රකාශණයකි.


පරණ පොතක් නිසා සොයා ගැනීමේ අපහසුතා ඇති විය හැක. ඒ නිසා ගොඩගේ පොත් මැදුරෙන් විමසා බැලීම වටී.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?