Monday, September 2, 2013

ගොඩගේ පොත් ප්‍රදර්ශනය | Godage Bargain Book Sale

දවසක් වැඩ ඇරිලා යනකොට මරදාන ගොඩගේ පොත් සාප්පුව ඉස්සරහා සීයේට 50% ඉදලා 80% ඩිස්කවුන්ට් දෙන ප්‍රදර්ශනයක් ගැන පෝස්ටර් එකක් දැක්කා. ඉතින් පොත් වලට ආස කරන මට මේ ප්‍රදර්ශනේ බලලා එන්න ඕන කියල ආසාවක් ඇති උන.එදා නම් වෙලාව තිබ්බේ නැති නිසා ප්‍රදර්ශනේ බලන්ඩ උනේ නෑ.

පහුවදා ටිකක් කලින් වැඩ ඇරිලා ඇවිත් ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා. ඔය කියන පොත් ප්‍රදර්ශනය තියෙන්නේ පලමු මහලේ.පලමු මහලේ වෙනම පැත්තකට වෙන්ඩ තමා ඔය ප්‍රදර්ශනේ තියෙන්නේ. අළුත්ම පොත් නම් නෙවෙයි. ටිකක් විතර පරණ පොත් තමයි ප්‍රදර්ශනයේ තිබ්බේ.

දන්න විදිහට කියනවා නම් බාගේන් බුක් සේල් එකක් !

ඉතින් නිවාඩු පාඩුවේ පොත් අතර සැරිසරනකොට පරණ උනත් හොඳයි කියන පොත් ටිකක් හොයා ගන්න පුලුවන් උනා. නවකතා කෙටි කතා පොත් අතර උසස් පෙළ විශ‍ය නිර්දේශයට අදාල පොත පතත් බොහොම අඩුවට තිබ්බා.

මං පැයක් දෙකක් ගත කරලා පොත් අටක් විතර තෝර ගත්තා. ඒ ටිකත් අරගෙන බිල ගෙවන්න පහල තට්ටුවට ආවා. බිල ගණනය කරලා බලනකොට පොත් අටටම ගියේ රුපියල් දෙසීයක් වගේ ගානක්. ඉතින් ඒ ටිකත් ගෙනල්ලා නිවාඩු පාඩුවේ කියවන්න ගත්තා.

ගාන අඩුවට තිබ්බට මොකෝ කතාවේ ලස්සනෙන් අඩුවක් නෑ කියලා මටම තේරුනා.

ඔයාලටත් වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.  මේ පරණ පොත් ගොඩවල් අතරේ ඔබ කැමතිම ආකාරයේ පොත් තියෙන්නට පුලුවන් :)

නුගේගොඩ සරසවි පොත් හලේත් මේ වගේ බාගේන් බුක් සේල් එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. තාම නම් යන්න උනේ නෑ. යන්න පුලුවන් වෙච්චදාක ඒ ගැනත් විස්තර කියන්නම්.

එහෙනම් මං ගිහින් එන්නම්.
ජය වේවා !! 

2 comments:

  1. අපිට නම් ඔහොම චාන්ස් අහුවෙනව අඩුයි බං. ඇත්තටම පොත් කියන්නෙ පරණ වෙන ජාතියක් නෙවි, ඒවා හැමදාටම නැවුම් අත්දැකීමක්. ඒත් ඉතිං ප්‍රකාශකයො කරන්නෙ බිස්නස් එකක් නේ. සේල් එක අඩු පරණ පොත් තොග තියාගෙන ඉන්න එක එයාලට පාඩුයි. දැන් පොත්වල ගනන්වල හැටියට පොත් 10 ක් විතර තෝරගන්න අඩුතරමෙ අතේ රුපියල් හය හත් දාහක්වත් තියෙන්න ඕන. මටත් ඔහොම අහුවුනොත් මමත් ටිකක් වෙලා අරන් හොඳ පොත් ටිකක් තෝරගන්නව, හෙමි හෙමීට කියවන්න බැරියැ. ඔය වෙනුවෙන් ම කොළඹ එන්න බැරිකම නිසා ඔය වගේ දේවල් අපිට මඟෑරෙනවා බං.

    ReplyDelete
    Replies
    1. මම නම් මුලින්ම ගියේ අඩු ගානට අරගෙන කියවලා හොඳ නැත්නම් විසික්කා කලත් මොකෝ කියලා. ඒ උනාට කතාව ලස්සන නිසා පොත් නම් විසික් කරන්න හිතුනෙම නෑ. ඒ තරමට ලස්සන කතා තියෙන්නේ :)

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?