Sunday, September 8, 2013

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා | Sansararanye Dadayakkaraya

දඩයක්කාරයා ජීවත් වූයේ නවගත්තේගමට වඩා ගවු ගණනක් ඈත වනාන්තරයේ ය. ඔහුව මේ වනාන්තරයට ගෙන ආවේ වෘක්ෂ දේවතාවෙකි.ඒ ඔහුගේ පුංචි අවධියේ ය. එකල්හි ඔහු "ගොලු පුංචා" ය. ගොලු පුංචාව සංසාරාරණ්‍යයට ගෙන ආවේ එහි භාරකාරත්වයට ය.

ගොලු පුංචාට මෙම සංසාරාරණ්‍යයේ භාරකාරත්වය ලැබෙන්නේ වනාන්තරයේ විසූ හාමුදුරුවන්ගෙන් ය. මෙම වනාන්තරයේ නිධාන සතක් වෙයි. එසේම සභ්‍යත්ව හතක් ද වේ. මේ සියල්ලේ භාරකරු ගොලු පුංචා ය.

ගොලු පුංචා දඩයක්කාරයා වන්නේ එක්තරා සිදුවීමකට පසු ය.

දිනක් මේ වනාන්තරයට නිධන් සොරුන් පැමිණේ. ඒ ගල් ගුහාවක ඇති නිධානයක් ගැනීම සඳහා ය. ඔවුන් බිලි දීම සඳහා කන්‍යාවක් ද රැගෙන ආවෝ ය. ගල් ගුහාවේ සිටි බහිරවයාට මතුරා ඔහුව අඩපණ කර නිධානය ගන්න සූදානම් විය.එහෙත් ඔවුන්ට නිධානය ගන්නට ලැබුනේ නැත.

පසුව ගොලු පුංචා කන්‍යාව ද බේරාගෙන වනාන්තරයට ගියේ ය.

එතැනින් පසුව කතාව කියැවීම ඔබට බාරයි.ඉහතින් දක්වා ඇත්තේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ එන කතාවෙන් කොටසකි.

 ග්‍රන්ථ නාමය - සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
ලේඛකයා -  සයිමන් නවගත්තේගම.
පිටු -  94ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6771-38-1
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිශින්  ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ පොතෙන් උපුටා ගත් කොටසකි.

දඩයක්කාරයා ඇය අත හැරියේ ය. ඔහු විස්මයෙන් ඇලළී දෑස පිහිදා බැලුවේ ය.සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද ? ගල් කන්ද පැලී විවර වන්නට ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද ? බෙරකාරයාගේ දුව දණින් වැටී බෙරය බදාගෙන සිටියා ය.

"මා වෙත එව දැරිය !"

ඈ බෙරය අත හැරියා ය. එය පෙරලී ගොස් ගල් බෑවුම දිගේ පහලට වැටීවනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.

නවගත්තේගමයන්ගේ පොත් වලට ප්‍රිය කරන ඔබ අනිවාර්යෙන්ම මෙම කෘතිය කියවා ඇති බවට සැකයක් නැත. ඔබ කියවා නැත්නම් කියවා බලන්න. :) 

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?