Thursday, September 26, 2013

යාය තුන | Yaya Thuna

බණ්ඩාර හොඳින් ඉංග්‍රිසි ඉගෙන ගත් නුවර පාසලක ඉගෙනෙ ගත් අයෙකි. එහෙත් ඔහුගේ පාසල් ගමන කඩාකප්පල් වූයේ තම පියාගේ වියෝවත් සමඟ ය. තම පාසල් ගමනට වියදම් කිරීම සඳහා අවශ්‍ය කරන මිල මුදල් තම මෑණියන්ට හොයා දීමට ඈ අපොහොසත් විය. මේ නිසාම ඔහු තම පියාගේ වතුපිටි වල වැඩපල කරගෙන සිටියේය.

කාලයත් සමඟම ඔහු හීං මැණිකා මවු අයෙක්ව විවාහ කර ගත්තේ ය.

මේ දෙදෙනාට මුතු මැණිකේ නම් දුවක්ද වූයේ ය. මෙලෙස ඔවුන් සතුටින් ජීවත් විය. බණ්ඩාරද ගෙදර කටයුතු මෙන්ම ගමේ පොදු වැඩවලටද ක්‍රියාකාරීව සහභාගි වු අයෙකි. එසේම ගමෙහි කොමිටියේ සබාපති කමද බණ්ඩාර දැරුවේය. ගමේ පොදු වැඩපල හොඳින් කරගෙන ගිය අයෙකු නිසා ගම්මුන්ට බණ්ඩාරව නැතිවම බැරි අයෙක් වූයේ ය.

දිනක් බණ්ඩාර ගෙදරින් පිට ගමනක් ගොසින් නැවත නාවේ ය. හීං මැණිකා සහ මුතු මැණිකා හුලුඅතුද පත්තු කරගෙන බණ්ඩාර සෙවීය.මේ යන අතරමගදී ගහක් යට බණ්ඩාරව මරා දමා ඇති අයුරු ඔවුන් දෙදෙනාට දැක ගත හැකි විය.

එතැන් පටන් කතාව කියැවීමට ඔබට බාරයි....

මෙම පොත චම්මින්ද වෙලගෙදර මහත්මයාගේ කෘතියකි.  එසේම 2004 වර්ෂයේ ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය හිමිකරගත් නවකතාවකි.
ෆාස්ට් පබ්ලිශින් ප්‍රකාශනයකි !

පහතින් දක්වා ඇත්තේ එම පොතෙන් උපුටාගත් කොටසකි.

"මගේ අපුච්චයි අම්මයි එක්ක හිටපු ගේ. අපට දරු පැටියෙක් ලැබුනු ගේ. මට අද මගේ අපුච්චත් නෑ. අම්මත් නෑ. බාලේ ඉදන් හැදුනු තැනත් නෑ. ඉන්නේ ඔය ඇත්තෝ විතරයි.......පපු කැනැත්තේ ඇති වෙච්ච ඇයි හොඳයි කමට වෙනසක් නම් කරන්ඩ එපා මගේ අප්පෝ. මොන දුකක් ආවත් දරුවත් මාවත් බලාගෙන ගන්ඩ.අනුරාධපුරෙන් එහාට මං ගෙහුං නෑ ඕං"

2 comments:

  1. මං ටික දවසකට කලින් ඔය පොත කියෙව්වා. ඉඩම් මහවැලියට යට වෙන එක ගැන කතාවක්නෙ. අන්තිමට මුතු මැණිකට ළමයවත් අරන් ගමටම එන්න වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මම සිංහල පොත්වලින් වඩාත්ම කැමති මාරටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්ල්යුඒ සිල්වා වගේ ගත්කතුවරුන්ගේ පොත්වලට. ඊට අමතරව ඉංග්‍රීසි පොත පතත් වැඩයම නොවුනත් කියවීමේ අඩුවක් නම් නෑ. ගොඩක් හොඳ පොත පත ගැන දැනගන්නේ මේ අඩවියෙන්. ඉතින් ඔබට තුති..

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?