Saturday, July 27, 2013

රතු ඉද්ද | Rathu Idda

මෙම පොත වෙනස්ම ආරක කතා පුවතකි. මතුපිටින් මෙම පොත කියවන්නෙකුට හමු වන්නේ උමතු ගැහැනියකි. ගස් වැල් සමඟ සාමාන්‍ය මිනිසුන් හා සමානවම කතා කරන්නා සේම කතා කරන උමතු ගැහැණියක් හමු වෙයි.

එහෙත් මේ පොතේ ගැඹුරට කිදා බහින්නෙකුට සුවිශේෂි ගැහැණියක් හමුවේ. ඈ ගස් වැල් වලට ආදරය කරන පරිසර වේදිනියක් යැයි මා කීවොත් වැරදි නැත.

පොතේ කතුවරයා මෙම පොත හඳුන්වා දී ඇති ආකාරය පහත දැක්වේ.

එළි පෙහෙළි ලෝකයක කැලෑව සුවිශේෂිය. ප්‍රඥාවන්තිය කැලෑවේ සැඟවී සිටියි. කැළෑව එළි පෙහෙළි කළ විටද ඇය දැකිය නොහැක. මන්ද යත් සුවිශේෂත්වය එළිපෙහෙළි වී සාමාන්‍ය බවට පත්ව ඇති හෙයිනි.
සාමාන්‍යජීවිතය තුල ඈ උමතු කාන්තාවකි.සාමාන්‍ය ජීවිතයෙ සැරිසරන්නන්ට මේ උමතු ගැහැනිය නිතර දෙවේලේ හමු වේ.එහෙත් සුවිශේෂත්වය තුළ ඈ ප්‍රඥාවන්තියකි.


මෙය උමතු ගැහැනියක පිලිබද කතාවක් නොවේ. සාමාන්‍ය ගැහැණුන් දෙදෙනෙකු පිලිබද කතවකි. ඔබේ සිත් මානය අනුව ඔවුනට උමතු බව ආරෝපණය වීම හෝ නොවිම සිදු වේ.


ග්‍රන්ථ නාමය - රතු ඉද්ද
ලේඛකයා - කරුණාදාස සූරියාරච්චි
පිටු -  270ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-5519-07-2
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි ප්‍රකාශණයකි.


මෙම පොත 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශිත පොතකි.ඔබත් කියවා රසවිඳින්න.
පසුව ලියමි - මෙම පොත බා ගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

4 comments:

  1. හොද පොතක් වගේ, බොහොම ස්තුතියි. :)
    මෙන්න මාත් ඩවුන්ලෝඩ් කළා :p පුළුවන් ඉක්මනින් කියවන්න ඕනේ ;)

    http://www.mediafire.com/download/498gh7bjv778s85/rathu_edda.pdf

    ReplyDelete
  2. මේ පොත නම් කියවලා නෑ, කසුරිගෙ කවි නම් කියවලා තියෙනවා. බලමු...... බාගෙනවත් කියවන්න, හැබැයි පොතක් අතට අරන් කියවනව වගේ කිසි ගතියක් නෑ මොනිටරේට මූන ඔබන් කියවිල්ලෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා.
      පොතක් අතට අරගෙන කියවන එකේ ගතිය නෑ තමා.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?