දඩයක්කාරයා ජීවත් වූයේ නවගත්තේගමට වඩා ගවු ගණනක් ඈත වනාන්තරයේ ය. ඔහුව මේ වනාන්තරයට ගෙන ආවේ වෘක්ෂ දේවතාවෙකි.ඒ ඔහුගේ පුංචි අවධියේ ය. එකල්හි ඔහු "ගොලු පුංචා" ය. ගොලු පුංචාව සංසාරාරණ්‍යයට ගෙන ආවේ එහි භාරකාරත්වයට ය.
ගොලු පුංචාට මෙම සංසාරාරණ්‍යයේ භාරකාරත්වය ලැබෙන්නේ වනාන්තරයේ විසූ හාමුදුරුවන්ගෙන් ය. මෙම වනාන්තරයේ නිධාන සතක් වෙයි. එසේම සභ්‍යත්ව හතක් ද වේ. මේ සියල්ලේ භාරකරු ගොලු පුංචා ය.
ගොලු පුංචා දඩයක්කාරයා වන්නේ එක්තරා සිදුවීමකට පසු ය.
දිනක් මේ වනාන්තරයට නිධන් සොරුන් පැමිණේ. ඒ ගල් ගුහාවක ඇති නිධානයක් ගැනීම සඳහා ය. ඔවුන් බිලි දීම සඳහා කන්‍යාවක් ද රැගෙන ආවෝ ය. ගල් ගුහාවේ සිටි බහිරවයාට මතුරා ඔහුව අඩපණ කර නිධානය ගන්න සූදානම් විය.එහෙත් ඔවුන්ට නිධානය ගන්නට ලැබුනේ නැත.
පසුව ගොලු පුංචා කන්‍යාව ද බේරාගෙන වනාන්තරයට ගියේ ය.
එතැනින් පසුව කතාව කියැවීම ඔබට බාරයි.ඉහතින් දක්වා ඇත්තේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ එන කතාවෙන් කොටසකි.
ග්‍රන්ථ නාමය - සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
ලේඛකයා - සයිමන් නවගත්තේගම.
පිටු - 94ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN 955-6771-38-1
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිශින් ප්‍රකාශණයකි.
පහතින් දක්වා ඇත්තේ පොතෙන් උපුටා ගත් කොටසකි.
දඩයක්කාරයා ඇය අත හැරියේ ය. ඔහු විස්මයෙන් ඇලළී දෑස පිහිදා බැලුවේ ය.සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද ? ගල් කන්ද පැලී විවර වන්නට ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද ? බෙරකාරයාගේ දුව දණින් වැටී බෙරය බදාගෙන සිටියා ය.
"මා වෙත එව දැරිය !"
ඈ බෙරය අත හැරියා ය. එය පෙරලී ගොස් ගල් බෑවුම දිගේ පහලට වැටීවනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.
නවගත්තේගමයන්ගේ පොත් වලට ප්‍රිය කරන ඔබ අනිවාර්යෙන්ම මෙම කෘතිය කියවා ඇති බවට සැකයක් නැත. ඔබ කියවා නැත්නම් කියවා බලන්න. :)
Sunday, September 8, 2013
Thursday, September 5, 2013
දඩයක්කාරයාගේ කතාව | Dadayakkarayage Kathawa
දඩයක්කාරයාට ගමේ මිනිසුන් සැලකුවේ පස් පවින් කරවටක් ගිලී සිටින අයෙකු ලෙස ය. නමුත් ඔහු අනෙක් මිනිසුන් මෙන් නොව සුරා සූදුවෙන් තොර ය. මුසවාදයෙන් ද තොර ය. ඔහු කරන එකම වරද නම් සතුන් මැරීම ය. ඔහු සතුන් මැරුවද එහි සැලකිය යුතු තරම් මස් වලදන්නේ ගමේ මිනිස්සුන් ය.
මෙලෙස කලක් ගත වන විට දඩයක්කාරයාට ගෝමරීගෙන් පණිවිඩයක් ලැබේ. ඒ ඇයගේ හේනට ගොඩ වදින ගෝනෙකු එලවා දැමීම සඳහා ය.ගෝනාට අටවන ලද තුවක්කුව පත්තු වී ගෝමරීගේ මිනිහාත් ගෝමරීත් මිය යයි. පසුව මේ දෙදෙනාගේ පුතා වන පොඩිකන්දය පැලේ තනිවේ. මේ අල්ලපනල්ලේ පොඩිකන්දයා රංකිරී නම් වූ කෙල්ලක තම අඹුවට ගෙන තම පැලේ ජීවත් වෙයි.
පසුව දඩයක්කාරයා, ගෝමරීගේ පුතාට දඩයම් කිරීම උගන්වයි. පොඩිකන්දයා ද දඩයක්කාරයා මෙන්ම ශූර දඩයක්කාරයෙකු බවට පත් වේ.
මේ ඔවුන්ගේ කතාව ය. ඉතිරිය කියැවා බැලීම ඔබට බාරයි.
සයිමන් නවගත්තේගම පාඨක ඔබ මෙම කතාව ඉතාමත් ආශාවෙන් කියවා බලනු ඇතැයි මා සිතමි. මෙහි මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැබුරින් කියවා බලන්නේ නම් ඉතාමත් වටින බව මගේ සිතුවිල්ලයි.
ග්‍රන්ථ නාමය - දඩයක්කාරයාගේ කතාව
ලේඛකයා - සයිමන් නවගත්තේගම.
පිටු - 158ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN 955-6770-53-7
ප්‍රකාශකයෝ - ෆාස්ට් පබ්ලිශින් ප්‍රකාශණයකි.
මෙම පොත ඔබ කියවා නැත්නම් කියවා බලන්න.
ඕනෑම සරසවි පොත් හලකින් වුවද මෙම පොත ලබා ගත හැක.

සසර සරන්නෝ | Sasara Saranno
සුන්දරම් හා තංගමනී යුවල ගඟ අසල පිහිටි දුගී පැලක ජීවත් වූ දෙදෙනෙකි. ඔවුන්ට ජානකී නම් වූ දුවක් ද රංගනාදන් නම් වූ පුතෙක්ද සිටියෝය. මේ සියළුම දෙනා ජීවත් වූයේ සුන්දරම්, යකඩ කෑලි විකුණා ලැබෙන ආදායමෙනි. තංගමනී දරුවන් දෙදෙනාද රැකබලාගෙන ගෙදර දොර වැඩ කටයුතු කරමින් කාලය ගත කලා ය.
දිනක් සුන්දරම් දෙමල කෝලහාලයකට මැදි විය.උරණ වූ සිංහලයන් සුංදරම්ගේ ඇඟට පෙට්‍රල් වත් කර ගිනි තිබ්බේ ය. මේ සිදුවීම් සියල්ල ඔහුගේ පවුලේ අය ඉමහත් ශෝකයකින් බලා සිටියෝ ය.
සුන්දරම්ගේ අකල් වියෝවත් සමග ඔහුගේ පවුලේ සියළු දෙනාම යාපනය බලා පිටත් විය.
එතකින් සුන්දරම් හා තංගමනිගේ කතා පුවත සහිත පරිච්ඡේදය අවසාන වේ.ඉන්පසු පටන් ගැනෙන්නේ වික්ටර් හේනේගමගේ සහ මල්ලිකාගේ කතා පුවත සහිත පරිච්ඡේදය වේ. ඉන් අනතුරුව ලයනල්ගේ සහ අනුලාගේ ආදර අන්දරය දිග හැරේ.
මෙම කතාව විවිධ පරිච්ඡේද වලට වෙන් වූවත් සංසාරික ලෙස අප වියෝජනය නොවී පවතින බවත් එක් ආත්මයක දෙමල ජාතිකයෙක් ලෙස ඉපිද තවත් ආත්මයක සිංහලයෙකුව ඉපිද මියෙන සංසාර චක්‍රයක කොටස් කරුවන් බව කියාපාන නවකතාවකි.
මෙම එක් එක් චරිත පෙර ආත්ම වල කවුරුන් ලෙස සිටියා දැයි කියාපාන අපූරු නවකතාවකි. තව ද මෙම නවකතාව පරිච්ඡේද ලෙස වෙන්වී තිබුණද අවසානයේ එක් එක් චරිත එකතු වී සංසාර චක්‍රය සම්පූර්ණ කරයි. මේ නිසා පාඨකයා තුල පවතින කුතුහලය කතාවේ අන්තිම පරිච්ඡේදය කරා යනතෙක් සුරැකිව පවති.
සසර සරන්නෝ කෘතිය භද්‍රජි මහින්ද ජයතිලකයන් විසින් රචිත භීෂණ නවකතා වලින් එකකි. එසේම එක හුස්මටම කියවාගෙන යාම සඳහා පාඨකයාව පොලබවන කෘතියක් බව මා පැවසිය යුතුමය.
ග්‍රන්ථ නාමය - සසර සරන්නෝ
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු - 120ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN 955-5911-49-2
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.
භද්‍රජි පාඨක ඔබ මේ පොත ඉමහත් ආසාවෙන් කියවනු ඇතැයි මා සිතමි.
දිවයිනේ ඕනම සරසවි පොත් හලකින් හෝ ස්ටැම්ෆර්ඩ් ලේක් පොත් හල් වලින් ලබා ගත හැකි ය.

Tuesday, September 3, 2013
2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට පෙර | Before the Swarna Pusthaka Award
මේ සැප්තැම්බර් මාසයයි !
සැප්තැම්බර් මාසය කිව්වහම පොත් කියවන අපිට මුලින්ම මතක් වෙන්නේ සාහිත්‍යය මාසය කියලා.ඊට පස්සේ මතක් වෙන්නේ කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ! ඊට පස්සේ මතක් වෙන්නේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පොත් ප්‍රදර්ශනයට සමගාමිව පවත්වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල.
ඉතින් මෙදාපාරත් ස්වර්ණපුස්තක සම්මාන උළෙලේ අන්තිම වටයට පොත් පහක් තේරි පත්වෙලා තියෙනවා. මුලින්ම ඒ ටික කියලා ඉන්නම්කෝ.
1. අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ (ෆ්ලැට්ෆෝම් ෆෝ ඕල්ටර්නේටිව් කල්චර් ප්‍රකාශකයෝ)
2. කාල සර්ප - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශකයෝ)
3. කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග (කිංකිණි ප්‍රකාශකයෝ)
4. සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සන්ථව ප්‍රකාශකයෝ)
5. තැප්පා සේම ගිනි - සමරවීර විජයසිංහ (සූරිය ප්‍රකාශකයෝ)
ඔන්න ඔය පොත් ටික තමයි අන්තිම වටයට තේරීපත් වෙලා තියෙන්නේ.
ඔතන තියෙන ලිස්ට් එකෙන් මුල් පොත් දෙක ඇරෙන්න ඉතුරු පොත් තුන මම කියවලා තියෙනවා ඒ අතරින් නම් සෙංකොට්ටං පොත ගොඩක්ම හොඳයි. ඒ නිසා ඒ පොතට සම්මානය ලැබේවි කියලා හිතනවා. ඒත් ෂුවර් නෑ. බලමු නෙහ් :)
හැබැයි තව දෙයක් තමා ස්වර්ණ පුස්තකේ ලැබුණා කියලා ඒ අවුරුද්දේ හොඳම පොත ඒකමයි කියලා කියන්න නම් අමාරුයි. ඊට වඩා හොඳ පොත් තියෙන්න පුලුවන්. ඒ නිසා මේ රාමුවට කොටු වෙන්නේ නැතුව තමන්ගේ තේරීම් කරනවනම් තමා වඩාත්ම හොඳ.
මේ මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 10 වෙනිදට තමයි සම්මාන උළෙල පවත්වන්නේ. අන්න එදාට අපි බලාගම්මු මොකද්ද 2013 වසරේ ප්‍රසස්ථ නවකතා කියලා. එතකන් බලාපොරොත්තු සහගතව ඉමු.
එහෙනම් මං ගිහින් එන්නම් ! ජයවේවා !

Monday, September 2, 2013
ගොඩගේ පොත් ප්‍රදර්ශනය | Godage Bargain Book Sale
දවසක් වැඩ ඇරිලා යනකොට මරදාන ගොඩගේ පොත් සාප්පුව ඉස්සරහා සීයේට 50% ඉදලා 80% ඩිස්කවුන්ට් දෙන ප්‍රදර්ශනයක් ගැන පෝස්ටර් එකක් දැක්කා. ඉතින් පොත් වලට ආස කරන මට මේ ප්‍රදර්ශනේ බලලා එන්න ඕන කියල ආසාවක් ඇති උන.එදා නම් වෙලාව තිබ්බේ නැති නිසා ප්‍රදර්ශනේ බලන්ඩ උනේ නෑ.
පහුවදා ටිකක් කලින් වැඩ ඇරිලා ඇවිත් ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා. ඔය කියන පොත් ප්‍රදර්ශනය තියෙන්නේ පලමු මහලේ.පලමු මහලේ වෙනම පැත්තකට වෙන්ඩ තමා ඔය ප්‍රදර්ශනේ තියෙන්නේ. අළුත්ම පොත් නම් නෙවෙයි. ටිකක් විතර පරණ පොත් තමයි ප්‍රදර්ශනයේ තිබ්බේ.
දන්න විදිහට කියනවා නම් බාගේන් බුක් සේල් එකක් !
ඉතින් නිවාඩු පාඩුවේ පොත් අතර සැරිසරනකොට පරණ උනත් හොඳයි කියන පොත් ටිකක් හොයා ගන්න පුලුවන් උනා. නවකතා කෙටි කතා පොත් අතර උසස් පෙළ විශය නිර්දේශයට අදාල පොත පතත් බොහොම අඩුවට තිබ්බා.
මං පැයක් දෙකක් ගත කරලා පොත් අටක් විතර තෝර ගත්තා. ඒ ටිකත් අරගෙන බිල ගෙවන්න පහල තට්ටුවට ආවා. බිල ගණනය කරලා බලනකොට පොත් අටටම ගියේ රුපියල් දෙසීයක් වගේ ගානක්. ඉතින් ඒ ටිකත් ගෙනල්ලා නිවාඩු පාඩුවේ කියවන්න ගත්තා.
ගාන අඩුවට තිබ්බට මොකෝ කතාවේ ලස්සනෙන් අඩුවක් නෑ කියලා මටම තේරුනා.
ඔයාලටත් වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න. මේ පරණ පොත් ගොඩවල් අතරේ ඔබ කැමතිම ආකාරයේ පොත් තියෙන්නට පුලුවන් :)
නුගේගොඩ සරසවි පොත් හලේත් මේ වගේ බාගේන් බුක් සේල් එකක් තියෙනවා කියලා ආරංචියක් ආවා. තාම නම් යන්න උනේ නෑ. යන්න පුලුවන් වෙච්චදාක ඒ ගැනත් විස්තර කියන්නම්.
එහෙනම් මං ගිහින් එන්නම්.
ජය වේවා !!

Subscribe to:
Posts (Atom)