දුලන්‍යාට අක්කා නෙකෙක් හා අයියා කෙනෙක් විය. එහෙත් දුලන්‍යා කෙරෙහි වැඩිමනත් බලපෑම් ඇති කළේ අක්කා නොව අයියා ය. අයියා දේශපාලනය කළේ ය.
මේ නිසාම අයියාව ජේවීපී කාරයෙකු ලෙස හංවඩු ගැසීමට ගමේ අය පෙළබී සිටියේ ය.
අයියාගේ යාළුවෙකු වන රවින්ද්‍රන් කෙරෙහි දුලන්‍යා ආදරයකින් සිටියා ය. එහෙත් ඒ ආදරයට වැඩි ආයුෂ තිබුණේ නැත. එයට හේතුව වූයේ රවින්ද්‍රන්, තම අක්කා හා හාද වීම නිසා ය.
ඉන්පසු දුලන්‍යාය සිදු වූයේ කුමක් ද?
කත්‍යානා අමරසිංහයන් ලියූ නවකතා අතුරින් යම් තරමක් නීරස ගතියකින් යුතු නවකතාව මෙය විය. මා හට නම් මේ පොත කියවීම මහත් ආයාසයකින් යුතු ක්‍රියාවලියක් විය.
ධරණි
කතෘ: කත්‍යානා අමරසිංහ
සූරිය ප්‍රකාශනයක්
මිල රු. 450/=
Wednesday, March 20, 2019
අසනග වැසි | Asanaga Wesi
දේවාලවල දේව සේවයට බැඳී සිටිය බවලත් උදවිය හඳුන්වන්නේ ආලත්හි අම්මා යන යෙදුමෙනි. වසුන්දරා ද කතරගම දේවාලයේ දේව සේවයේ යෙදෙන ලාබාලතම ආලත්ති අම්මා කෙනෙකි.
එසේම වසුන්දරාට ආලත්ති අම්මාගේ සේවය වෙනුවෙන් දේවාලයෙන් අඩුවැඩිය හා තෙල් පිටි එහෙමත් ලැබුණි.
වසුන්දරා කුඩා කාළයේදි ඇඟේ අම්මා මිය ගිහින් ය. ඈව හදාවඩා ගත්තේ තාත්තණ්ඩි හා සෙන්ද අම්මා නම්වූ තනිකඩ ගහැණියකි.
තාත්තණ්ඩි කුඹුරේ වැඩ කර අටු කොටු පිරෙව්වේ ය. එසේම වසුන්දරාගේ ඕනෑ එපාකම් ද සොයා බැලී ය.
ඇඟේ තනි නොතනියට සිටි සෙන්ද අම්මා ද වසුන්දරා කෙරෙහි වූ ආදරයෙන් ඈව රැක බලා ගත්තා ය. මේ නිසා වසුන්දරාට අම්මා නැති ශෝකය මතු උනේ නැත.
සෙන්ද අම්මා ඈට සර්ප වෙදකම ඉගැන්නුවා ය.
දිනක් ඈ දේවාලයට පූජා කරන්නට නෙළුම් මල් නෙළීම සදහා වැවට ගියා ය. එහිදී කිසියම් කෙනෙක් ඇඟේ පින්තූරය් ගන්නා බව ඈ දිටී ය. එසැනින්ම ඈ කමරාව උදුරාගෙන ගෙදර දිව්වා ය. පින්තූරය ගත් කෙනා ද ඈ පසු පස්සේම ඇඟේ ගෙදරට ආවේ ය.
මේ හමුවීමත් සමඟම වසුන්දරා නම් වූ ආලත්ති අම්මාගේ ජීවිතය උඩු යටිකුරු විය.
එය සිදු වූ යේ කෙසේද යන්න දැන ගැනීමට නම් අසනග වැසි කෘතිය කියවිය යුතුම ය.
අසනග වැසි
කතෘ: දර්ශනා ශම්මි විජේතිලක
සුසර ප්‍රකාශනයක්.
මිල රු. 595/=

Sunday, March 3, 2019
මායා හෝටලය | Maya Hotalaya
සීත කඳුකරයේ මධුසමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම් යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අත්භූත අත්දැකීම් රාශියකි.
ඔවුන් රාත්‍රිය ගත කිරීමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණදෙන අවස්ථාවන් සේම, මුණ ගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස් ද, සුරලිගේ ජීවිහයට මුසු කරන්නේ අසීමිත කුතුහලයකි.
ඉහත ඡේදය මායා හෝටලය නම් වූ කෘතියේ පසු කවරයෙන් උපුටා ගන්නා ලද කොටසකි. ඔබත් මායා හෝටලා කියවා සුරලිට හා ජනේෂ්ට සිදු වූයේ කුමක් ද යන්න දැනගන්න.පෑ දෙක තුනක් ඇතුලත කුතුහලයකින් යුතුව කියවාගෙන යා හැකි අත්භූත රසය දනවන නවකතාවකි.
කතෘ : භද්‍රජි මහින්ද ජයතිලක
සරසවි ප්‍රකාශනයක්.
මිල රු. 300/=

Friday, February 22, 2019
යකඩ සිල්පර | Yakada Silpara
උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුවන කාළයේදී වන්නියේ ජීවත් වූ පවුලක් වටා ගෙතී ඇති අපූරු කතා පුවතකි. ගොරබා නම් වූ පවුලේ මූලිකයාගේ පවුලේ අයට විදින්නට සිදුවන අනේක විධ දුක් ගැහැට හා ඔවුන්ගේ පවුල් වල බවලත් උදවියට කුලවතුන්ගෙන් විඳින්නට සිදුවන නොයෙකුත් අතවරයන් ගැන අපූර්ව විග්‍රහයක් කරන කෘතියකි.
පොතේ කතාව කෙටියෙන් කියන්නේ නම්, ඩන්ස්ටන් මුලර් නම් වූ ඉංජිනේරුවා උතුරේ දුම් රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යයි. ඔහුගේ වැඩ කටයුතු වලට සෙනග මදිකම නිසා ගමේ ආරච්චිලාට පණිවිඩයක් යවා සෙනග ගෙන්නා ගැනීමට ඔහු සිතයි. දිනක් ගමේ වැවේ නාමින් සිටි රම්බා නම් සුන්දර ගැහැණියව ඔහු දකී. ඔහුට ඈ කෙරෙහි ආදරයක් නැතහොත් ආසාවක් හට ගනී.
මේ වන විටත් රම්බා, පදක්කයාගේ බිරින්දෑ වී හමාර ය. නමුත් ඩන්ස්ටන් මහත්මයාගේ හිතේ රම්බා කෙරෙහි වූ ආසාව අඩු වූයේ නැත.
ඔහු රම්බාගේ ස්වාමිපුරුශයා වූ පදක්කයා ඇතුළු නඩයට දුම්රිය මගෙහි වැඩ කිරීමට අවසර ලබා දේ. ඊට සරිලන වැටුපක්ද ඩන්ස්ටන් තුමා ලබා දේ.
මොවුන්ගේ ජීවත වලට ඉන් පසුව සිදුවන්නේ කුමක් ද ?
ඔබත් කියවා රසවිඳින්න. 2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අවසන් කෘති 5ට නිර්දේශ වූ කෘතියකි.
යකඩ සිල්පර
කතෘ : විමල් උදය හපුගොඩආරච්චි
සුරස ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක්

Saturday, February 9, 2019
චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල | Charlie and the Choclate Factory
චාලි බකට් දුප්පත් පවුලක කුඩා ළමයෙකි. ඔහුගේ පවුලේ සියළුදෙනා මේ දුප්පත්කමින් මිරිකී ජීවත් වෙයි. ඔහුගේ පියා දත් බෙහෙත් කර්මාන්ත ශාලවක සුළු පඩියකට සේවය කරන අයෙකි.
චාලි ජීවත් උනේ විලී වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාව ආසන්නයේ ය. මේ වයසේ පසුවන කුඩා ළමුන් අතර වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාව බැලීමට ලැබීම හීනයක්ව පැවතිනි.
දිනක් විලී වොන්කා විසින් රත්තරන් ටිකට් පහක් චොක්ලට් දවටන අතර සගවා ඒ චොක්ලට් අනිත් චොක්ටල් සමග ලොව පුරා විකිණීමට යැවී ය. මේ ටිකට් පතක් ලද අයෙකුට සහ ඔහුවේ පවුලේ එක් අයෙකුට විලී වොන්කාගේ චොක්ලට් කර්මාන්තශාලාව නැරඹීමට අවසර දේ.
වාසනාවකට මෙන් චාලි බකට් ට ද මෙයින් එක් ටිකට් පතක් ලැබේ. ඉන්පවුව සිදුවන්නේ කුමක් ද ? එතැන් සිට කතාව කියැවීම ඔබට බාරයි.
චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල
කතෘ : රෝල් ඩාල්
පරිවර්තක : චන්දන මෙන්ඩිස්
සමයවර්ධන ප්‍රකාශනයක්.

Subscribe to:
Posts (Atom)