Friday, July 16, 2021

කෝර්සිකානු සහෝදරයෝ | Korsikanu Sahodarayo

ලුවී සහා ලුයිෂින් යනු උපතින්ම ඇලපතින් එකට බද්ධ ව ඉපැදුනු කෝර්සිකානු දෙසොහොයුරන් ය. ඔවුන්ගේ සිතුම් පැතුම් ද එක ය. එක් අයෙකුට වන විපතක් අනෙකාට ද දැනෙන්නේ ය.

ඔවුන් දෙදෙනගෙන් එක් අයෙක් ම්ලේච්ඡය. අනෙකා එසේ නොවේ.

ලුවී පසු කලෙක ප්‍රංශයට යයි. ඒ නීතීඥ වෘත්තිය හැදෑරීමට ය.

ලුයිෂින් කිසි කලෙක කෝර්සිකාව අතහැර යාමට අකමැති ය.  

දිනක් ලුවී ට නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණ පාන්නට සිදුවේ. එය කුමක් ද කියා දැන ගැනීමට කැමති නම්, කියවන්න කෝර්සිකානු සහෝදරයෝ.

"ඇලෙක්සැන්ද්‍ ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නවකතාකරුවෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක් ද වෙයි. මෙය නවකතාවක් වුවද ශ්‍රේෂ්ඨ නාට්‍ය්යකට අයත් සෑම අංගෝපාංගයක්  ම මෙහි ගැබ් වී ඇත පාඨකයා ග්‍රහණයට ගනිමින් පිටුවෙන් පිටුව ත්‍රාසයෙන් භීතියෙන් ශෘංගාරයෙන් හා අවිනිශ්චිත තාවයෙන් කතාව විකසනය වන අයුරු ඉතා විශ්මජනක ය. නිවුන් සොහොයුරන් දෙදෙනෙක් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘතාන්තයකි. "

- කෝර්සිකානු සහෝදරයෝ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි.



කේ. ජී. කරුණාතිලක

දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් 


Sunday, June 6, 2021

දික්කන්ද වලව්ව | Dikkanda Walawwa

 සපුමල් දලදාවත්ත සහ කෞශල්‍යයා  දළදාවත්ත මාතර සිට ගම් ගම්පහ දක්වා ගමන් කරයි.  ඔවුන් දෙපළ ගම්පහ යන්නේ  දික්කන්ද වලව්වට ය.  මේ වන විට දික්කන්ද වලව්වේ සැමුවෙල් දළදාවත්ත මහතා ඝාතනයට ලක්වී ඇත.

බොහෝ දෙනා සිතන්නේ මෙය සිය දිවි නසා ගැනීමක් කියා ය.

උඩ තට්ටුවේ සිට පහලට පැණ ඔහු සිය දිවි නසාගෙන ඇති බව සියළු දෙනා සිතයි.

නමුත් මේ පිළිබඳව පර්යේශණය කරන මනෝ එදිරිසූරියට සැබෑ කරුණු සොයා ගැනීමට හැකි වේ.

එසේ නම් සැමුවෙල්ගේ ඝාතකයා කවුරුන් විය හැකි ද ?



දික්කන්ද වලව්ව
ජයශංඛ කරුණාරත්න
දයාවංශ සහ ජයකොඩි ප්‍රකාශනයක්.

යළි උපන් යුවතිය | Yali Upan Yuwathiya

 සෙව්වන්දි යනු හලාවත  ප්‍රදේශයේ ජීවත් වූ අවිහිංසක ගැහැණු ළමයෙකි. ඈව කවුරුන් හෝ මරා දමා තිබේ. පොලිසිය විසින් සෙව්වන්දිගේ මරණය ගැන පරීක්ෂණ පවත්වයි. පොලිසිය කෙතෙක් උත්සාහ කළ ද මේ පිළිබඳ තොරතුරු ලබා ගත නොහැකි විය.

නමුත් පසු කලෙක පොලිසිය සෙව්වන්දීගේ නියම මිනිමරුවා සොයා ගන්නා ලදී. චමුදි නම් වූ කුඩා දැරිය ලබාදුන් සාක්ෂි අනුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි ඒ පර පරීක්ෂණවලින් සෙව්වන්දිගේ නියම මිනිමරුවා සොයා ගැනීමට පොලිසියට හැකිවිය.


එය වූයේ කෙසේද කියවන්න

 


යළි උපන් යුවතිය
ඩී එම් අනුර දිසානායක
සුසර ප්‍රකාශනයක්

හාලිඇළ වලව්ව | Haliela Walawwa

 හාලිඇළ  වලව්වේ වර්තමාන උරුමක්කාරයා වූ අසංග බණ්ඩාර සිකුරාදා හවස  කොළඹ සිට හාලිඇළ දක්වා දුම්රියෙන් පැමිණෙයි.  ඔහු හාලිඇළ දුම්රිය නැවතුමෙන් බැස සිය වලව්ව කරා යන  ගමනේදී පැහැරගැනීමට ලක් වෙයි.  පොලිසිය විසින් අසංග බණ්ඩාර  පැහැර ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.  ටික කලකින්  හෝටලයක  වැසිකිළි වලක තිබී අසංග බණ්ඩාර ගේ  මිනිය සොයා ගැනීමට පොලිසියට හැකි වේ.

අසංග බණ්ඩාර ව මරා දැමුවේ කවුද?  එසේ කළේ කුමන හේතුවක් නිසාද?
 කියවන්න.   



හාලිඇළ වලව්ව
 ඩී.  එම්. අනුර දිසානායක
වාසනා ප්‍රකාශනයක් 

Sunday, May 30, 2021

රහස් පොලිස් | Rahas Police

 සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකු මරා දමා රජයේ රහස් ලිපිගොනු සමූහයක් පැහැර ගත් රහස් ඔත්තු සංවිධානයක බිහිසුණු ත්‍රස්තවාදී කල්ලියක් පසුපස ලුහුබැඳ යන secret service විශේෂ රහස් පරීක්ෂණ ආයතනයේ අති දක්ෂ ඔත්තු කාරයෙකු වූ රොජර් වෙස්ට්ට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවේ.

 තම රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් වදින්න ශූර ඔත්තුකාරයෙක් වටා ගෙතී ඇති "රහස් පොලිස්" නවකතාව ත්‍රාසය භීතිය සහ කුතුහලය එකට කැටි කළ රසවත් කතාවකි.

මෙය විශේෂයෙන්ම දුර්වල සිත් ඇත්තන් සඳහා නොව සූර වීරකම් හා ත්‍රාසය කිය කරනු යොවුන් පරපුර සඳහා පමණක් තියෙන පොතක් බව සලකන්න. 


 ඉහතින් සඳහන් කර ඇත්තේ අහස් පොලිස් නවකතාවෙන් උපුටා ගන්නා ලද කොටසකි.



රහස් පොලිස්
චන්ද්‍රසේන ද සිල්වා
ත්‍රාස ප්‍රකාශනයක්